26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ අධි මාත්‍රාවෙන් ශරීරගත වී මල් කැකුළක් ජීවිතක්ෂයට

ඖෂධ අධි මාත්‍රාවෙන් ශරීරගත වී මල් කැකුළක් ජීවිතක්ෂයට

රජයේ රෝහලකින් නිකුත් කළ පැරසිටමෝල් අධි මාත්‍රාවක් හේතුවෙන් හත් හැවිරිදි දැරියක් මියයෑමේ ඛේදනීය පුවතක් ගම්පොළ, උඩුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගම්පොල උඩහේන්තැන්න, උඩුවැල්ල තාමරවල්ලිය ජනපදයේ පදිංචිව සිටි ශ්‍යාමලී තරුෂි නම් දැරියට පසුගිය අප්‍රේල් 20 වැනිදා උණ වැළඳී ඇති අතර දෙමව්පියන් විසින් ප්‍රදේශයට අයත් එකම ග්‍රාමීය රෝහල වන කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල වෙත දැරිය රැගෙන ගොස් තිබේ.

රෝහල් වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ, රෝහලේ ඖෂධාගාරයෙන්ම ලබාගෙන පැමිණියත් දැරියගේ රෝගයෙහි අඩුවක් දක්නට ලැබී නොමැති බැවින් දැරියව දෙවැනි වරට ගම්පොළ රෝහල වෙත රැගෙන යාමට දෙමව්පියන් තීරණය ඇත.

එහිදී දැරිය පරීක්ෂා කළ ගම්පොළ රෝහලේ වෛද්‍යවරුන්, දැරියට කුරුඳුවත්ත රෝහලෙන් ලබාදුන් ඖෂධද පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ දැරියට ඖෂධ අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවයි.

එහිදී අසාධ්‍ය වූ දැරිය දැඩිසත්කාර ඒකකයට යොමු කෙරුණු අතර එම අවස්ථාවේ වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරනු ලැබූ දැරිය නැවත සිහිය නොලබාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.