― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගමන් වාරය තෙක් බස් නැවැත්වීමට තාවකාලික නැවතුමක්

ගමන් වාරය තෙක් බස් නැවැත්වීමට තාවකාලික නැවතුමක්

කොළඹ ප්‍රධාන බස් නැවතුම්පලේ බස් රථ, ගමන් වාරය තෙක් නවතා තැබීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලින් කොටසක් තාවකාලිකව නිදහස් කිරීමට තීරණය කර තිබේ.

බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ (25) රැස්වූ අවස්ථාවේදියි මෙම තීරණය ගෙන අත්තේ.

ඒ අනුව කොළඹ – කොටුවේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර හයක ඉඩම් ඒ වෙනුවෙන් තාවකාලිකව නිදහස් කෙරේ.