― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් ශ්‍රී ලංකාවට මිලියන අසූවක තෑග්ගක්

චීනයෙන් ශ්‍රී ලංකාවට මිලියන අසූවක තෑග්ගක්

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබේ.

ඊට අදාළ නිල ලිපි හුවමාරු කරගැනීම චීන තානාපති චී සෙන්හොං (Qi Zhenhong) හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අතර එම රෝහල් සංකීර්ණයේදී සිදුවිය.

මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්‍රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය, ලංකාවේ සිදුකෙරුනු විශාලතම චයිනා ඒඩ් ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර, මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර තිබේ.

මෙම 08 මහල් ගොඩනැගිලි සංකීර්ණය වර්ග මීටර් 50,000ක පමණ බිම් ප්‍රමාණයක ඉදිකර ඇතැයි චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම නව බාහිර රෝගී සංකීර්ණය හේතුවෙන් ජාතික රෝහලට දිනකට ප්‍රතිකාර ලබාදිය හැකි රෝගීන් ප්‍රමාණය 6,000 දක්වා වැඩිවනු ඇත.

මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම, ඖෂධාගාරය, හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපනශාලාව වේ. දෙවන මහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය, අල්ට්‍රාසොනොග්‍රෆි ඒකකය,පිළිකා ඒකකය හා බහුවිධ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර තෙවන මහලේ බාහිර රෝගී සැත්කම්, ස්නායු ශල්‍ය සායනය, බාහිර ශල්‍ය සායනය, රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළත් වේ.