29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නිජිත් සුමනසේන සඳහන් කළේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත්ය.

මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතිනවා. රට පුරා වර්ෂාපතනය වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යෑම මේ තත්ත්වය තවත් වර්ධනය වීමට හේතුවෙනවා. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා පසුගිය වසරට වඩා. 2017 දී තමා මෑත කාලයේ වැඩිම රෝගීන් වාර්තාවුණ වර්ෂය විදියට සටහන් වෙන්නේ. ඒ අනුව 2017 වසරෙන් පසුව 2023 වර්ෂය විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවට සංඛ්‍යා ලේඛන දත්ත අනුව අපිට කියන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේ දී මේ තත්ත්වය තවත් වර්ධනය විය හැකියි. දැනට තියෙන අවධානම තත්ත්වය මත මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩකඩ තියෙනවා.