25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිධන් හෑරීමට ගිය පොලිස් පරීක්ෂක ඇතුළු 04ක් අත්අඩංගුවට

නිධන් හෑරීමට ගිය පොලිස් පරීක්ෂක ඇතුළු 04ක් අත්අඩංගුවට

භූගත පරීක්ෂා කිරීම් සිදුකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

කරදියනාරු ප්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුඅවට ගෙන ඇති අතර මිරිහාන පොලීසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

වව්නතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.

කරදියනාරු පොලිස් වසමේ කාරක්කාඩු ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරික්‍ෂා කරමින් සිටියදී ටොයෝටා වර්ගයේ කාර් රථයක් පරීක්‍ෂා කර ඇති අතර ඒ තුළ තිබී මෙම භූගත පොළොව පරික්‍ෂා කරනු ලබන අධි තාක්‍ෂණික ස්කෑනර් යන්ත්‍රය සොයාගෙන ඇත.

පොලීසිය විසින් භූගත ස්කෑනරය හා එම ටොයෝටා වර්ගයේ මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.