30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportබංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඊයේ (25) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් විස්සයි විස්ස තරඟ තුනකට සහභාගී වීමට නියමිත අතර එම තරඟ සිංහල ක්‍රීඩා සමාජ (S.S.C.) ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. මීට අමතරව එක් දින සීමිත ඕවර් 50 තරග තුනක් කොළඹ සී.සී.සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙම එක් දින තරඟ ලෝක කුසලාන තරග සදහා ඍජුවම සුදුසුකම් ලැබීම සදහා අදාළ වන, එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

මෙම බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (25) පස්වරු 03.40 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.