31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

කොඩිකාමම් පොලිස් වසමේ කොඩිකාමම් පේදුරුතුඩව මාර්ගයේ එරුවන් ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණකරු වයස අවුරුදු 25ක් වූ චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි කිලිනොච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයක් බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදිකරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් මෙම අනතුරක් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු පේදුරුතුඩව රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මිය ගොස් ඇත.