26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාලම්පුරියක් විකිණීමට ගිය අයෙක්ට වැඩ වරදී

වාලම්පුරියක් විකිණීමට ගිය අයෙක්ට වැඩ වරදී

මිල කළ නොහැකි වාලම්පුරියක් ඉතා සුක්ෂම ලෙස අලෙවි කිරීමට තැත් කළ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම විශේෂ වැටලීමක සිදු කර ඇත්තේ.

ඒ අනුව අඹේවෙල මාර්ගයේ ගොරකාපතන, බොරගස් ප්‍රදේශයේ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තබාගෙන සිටි ට්‍රයිටෙන් වර්ගයේ වාලම්පුරිය ඔහු විසින් රුපියල් කෝටි 05 ක මුදලකට අලෙවි කිරීමටයි සූදානම්ව සිට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අළුත්කොළණිය, සිල්මියාපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.