26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාදයකට ගිය පාසල් දැරිය දුම්රියට බිලිවෙයි

සාදයකට ගිය පාසල් දැරිය දුම්රියට බිලිවෙයි

මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (25) මාතර, නුපේ රේල් ගේට්ටුවත හා පඹුරණ දුම්රිය ස්ථානය අතරදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වන අතර ඇය තවත් මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.