― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical2022ටත් වඩා දරුණු අර්බුදයක් 2026දී - උදය ගම්මන්පිල

2022ටත් වඩා දරුණු අර්බුදයක් 2026දී – උදය ගම්මන්පිල

2022 වසරට වඩා දරුණු අර්බුදයක් 2026 ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දේශීය ආර්ථිකය සවිමත් කිරීමට මෙම ආණ්ඩුව අත ගසා නොමැති බවත් මෙම ණය බෝම්බය 2026දී පිපිරෙන බවත්ය.

මේ විවාදය අසම්පූර්ණයි. විවාදයට අවශ්‍ය සම්පූර්ණ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර මේ විවාදය පැවැත්වෙනවා. IMF වැඩසටහනට ගියේ රුපියල් නැති නිසා නොව ඩොලර් නැති නිසයි. මේ ගිවිසුම පුරාම තිබෙන්නේ රුපියල් අර්බුදයට විසඳුම් පමණයි. ඩොලර් අර්බුදයට විසඳුම් නැහැ. ඩොලර් බිලියන 22 ක් වසරකට ආනයන වියදම යනවා. ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන හතක් අවශ්‍ය වෙනවා. තව තවත් ණය වීම හැර ඩොලර් අර්බුදයට කිසිම විසඳුමක් මේ ගිවිසුමේ නැහැ.