29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආයුර්වේද වෛද්‍යවරියකට දිවි අහිමි වූ ඛේදවාචකය

ආයුර්වේද වෛද්‍යවරියකට දිවි අහිමි වූ ඛේදවාචකය

කළුතර උතුර ප්‍රදේශයේදී මාළු කපන මන්නයකින් ආයුර්වේද වෛද්‍යවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචි කැඩුම් බිඳුම් වෛද්‍යවරියක්. ඇයගේ මළසිරුර අද (27) අළුයම 5 ට පමණ නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව වැටී සිටින අයුරු දියණිය දැක පොලිසියට දැනුවත් කර ඇතැයි පොලිසිය පවසනවා.

ඝාතනය සඳහා යොදාගත් බවට සැක අඩි දෙකකට ආසන්න දිගකින් යුත් මාළු කපන ලේ තැවරුන මන්නා පිහිය සොයාගෙන ඇති බවද පොලිසිය පැවසූ අතර එම පිහිය ඇය පදිංචිව සිටි දියණියට අයත් නිවසේ මුළුතැන්ගෙයි මාළු කැපීම සඳහා භාවිතා කළ එකක් බවද පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී තිබෙනවා.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් නිළ සුනඛයන් ගෙන්වීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා. කළුතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.