23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකච්චතිව් බුද්ධ ප්‍රතිමාව ඉවත් කෙරේ

කච්චතිව් බුද්ධ ප්‍රතිමාව ඉවත් කෙරේ

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳු දෙව් මැදුර පිහිටි ස්ථානයේ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමාව ඉවත් කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග දැනුම් දුන් බව යාපනය රදගුරු මැදුර පවසයි.

යාපනය රදගුරු මන්දිරයේ දේවගැති පී ජේ ජෙපරත්නම් පියතුමා විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස් නිලධාරීන් රදගුරු මන්දිරයට දැනුම් දී ඇති අතර එහි ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කර වෙනත් ප්‍රදේශයට රැගෙන ගිය බවයි ඔවුන් පවසා ඇත්තේ.

කච්චතිව්හි බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කර ඇති බවත් මේ පිළිබඳව අවධානය යොමු කර කච්චත්ව්හි උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීමට වගබලා ගන්නා ලෙසත් ඉල්ලා යාපනය රදගුරු මන්දිරයේ දේවගැති පී ජේ ජෙපරත්නම් පියතුමා විසින් පසුගිය මාර්තු 27 වැනිදා ලිපියක්ද යොමු කර තිබේ.

අප කළ විමසීමකදීද පියතුමා මේ බව තහවුරු කළේය.