― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකුසේදීම දරුවෙකු විකුණූ මවක් ඇතුළු 05ක් අත්අඩංගුවට

කුසේදීම දරුවෙකු විකුණූ මවක් ඇතුළු 05ක් අත්අඩංගුවට

තංගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් තම එක් දිනක් වයසැති බිළිදිය දරුකමට හදා ගැනීම සඳහා ඌරුබොක්ක ප්‍රදේශයේ යුවළකට විකුණා ඇත.

කෙසේවෙතත් දරුවා සාදා ගැනීමට දුන් යුවළගෙන් නැවත මව ගොස් දරුවා ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එහිදී දරුවා සාදා ගැනීමට ගත් නව යුවළ විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව අදාළ මව විසින් නව යුවළට එරෙහිව පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දමා තිබේ. එහිදී අදාළ යුවළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දරුවාගේ පියා බිරිය ගැබිණියක් වී මාසයකින් පමණ හැර යෑම නිසා දරුවාව හදා ගැනීමට නොහැකිව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිය දැනුවත් කර මෙම යුවළකට දරුවා ලබාදුන් බවයි.

දරුවා පිළිසිඳගෙන මාස පහක පමණ කාලයක සිට සායනවලට යාමට හා අනිකුත් පරික්ෂණ කටයුතු ඇතුළු සියළු වියදම් දරුවා මිලදී ගත් යුවළ දරා ඇති බවටත් දරු ප්‍රසුතිය සදහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ ළමයා විකිණුවේ යැයි කියන මව ඇතුළු ව සැකකරුවන් පස්දෙනක් අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලිසිය පවසයි.

#aruna