26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළොන්නාවට පැය 10ක ජල කප්පාදුවක්

කොළොන්නාවට පැය 10ක ජල කප්පාදුවක්

අප්‍රේල් මස 29 වැනිදා කොළොන්නාවේ ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එදින පෙ.ව 11 සිට එදින රාත්‍රී 9.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ලැබේ.