― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsදඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලේ 63කට ඩෙංගු

දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලේ 63කට ඩෙංගු

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කාර්යය මණ්ඩලයේ 63 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් රෝහල් කටයුතු ද පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි රෝහල් සේවකයින් පවසන්නේ.

ඩෙංගු රෝගය වැළැඳුනු පිරිස අතර වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම රෝහල් උපස්ථායකයින් ද වනවා.

අද දිනයේ ද රෝහල් කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු ඩෙංගු රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා.

පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දඹුල්ල මූලික රෝහල වසා දැමීමට සිදුවිය හැකි බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දෙන්නේ.