30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදර්ශන හඳුන්ගොඩට අතුරු තහනම් නියෝගයක්

දර්ශන හඳුන්ගොඩට අතුරු තහනම් නියෝගයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයෙකුගේ කීර්ති නාමයට හානි වන අයුරින් යූ ටියුබ් වීඩියෝ විකාශය කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩට කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ දිසා මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ අතිරේක පෙත්සම්කාර ජනරාල්වරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් තිදෙනෙකු ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම තහනම් නියෝගය මැයි 10 වැනිදා දක්වා බල පැවැත්වෙන බවයි විනිසුරුවරයා සිය නියෝගයෙන් නිවේදනය කළේ. සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් වන එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක් පිළිබඳ අසත්‍ය තොරතුරු විකාශය කිරීම හේතුවෙනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පසුගිය 20 වැනිදා විත්තිකරු මේ සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඇතුළත් වීඩියෝ පටයක් විකාශය කිරීමෙන් තම සේවාදායකයන් දැඩි අපහසුතාවයට පත් වූ බවයි.

වින්දිතයන් දෙදෙනාට වන්දි වශයෙන් රුපියල් මිලියන 500ක් බැගින් රුපියල් බිලියනයක් ඉල්ලා තිබේ.