26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන් සමඟ පාසල් යමින් සිටි මවට සිදු වූ ඛේදවාචකය

දරුවන් සමඟ පාසල් යමින් සිටි මවට සිදු වූ ඛේදවාචකය

දරු දෙදෙනා පාසල වෙත රැගෙන යමින් සිටි කාන්තාවකට ඇයගේ සැමියා විසින් අද (27) අලුයම තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ ගම්පොළ කොස්ගොල්ල ප්‍රදේශය පදිංචි 44 හැවිරිදි දෙදරු මවක්. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුවී ඇති බවටයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසන්නේ.

මෙම කාන්තාව සහ සැමියා අතර පවතින ආරවුලක් අධිකරණය දක්වා යාම මෙන්ම කාන්තාවට වන්දි ලබාදීමට සිදුවීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පිහි ඇනුම සිදුව ඇතැයි සඳහන්.

උසස්පෙළ හදාරන දියණිය සහ 8 වසර පන්තියේ සිටින පුතා ද රැගෙන පාසල වෙත යමින් සිටියදී ගම්පොල මරියවත්ත ප්‍රදේශයේ දී අද අලුයම මෙම පිහි ඇනුම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.