26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න - පැෆ්රල් සංවිධානය

පොලිසියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න – පැෆ්රල් සංවිධානය

පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ නිලධාරීන්ට ස්වාධීනව තම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට ඉඩ සලස්වන ලෙසට ඉල්ලමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබුණු බවයි.

දේශපාලනඥයන්ගේ අදූරදර්ශී පාලනය හේතුවෙන් රට බලපතල ආර්ථික අර්බුදයක ගිලී ඇති මොහොතක පොලිසිය වැනි ආයතනයක නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඇති ඉඩකඩ අහිමි වුවහොත් නීතියේ පිළිසරණ පතන සාමාන්‍ය වැසියන් පවා ඉච්ඡාභංගත්වයට පත් විම නොවැළැක්විය හැකි බව පැෆ්රල් සංවිධානයේ සභාපතිවරයා මෙම ලිපිය මගින් පෙන්වා දෙනවා.

එහි අවසන් ප්‍රතිඵලය රටක් ලෙස යහපත් නොවනු ඇති බැවින් පොලිස් නිලධාරීන්ට දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරන ලෙසට ද පැෆ්රල් සංවිධානය සිය ලිපිය මගින් පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.