29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් සාදයක් මරණයෙන් කෙළවර වෙයි

මත්පැන් සාදයක් මරණයෙන් කෙළවර වෙයි

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන තිබේ.

එහිදී එක් පුද්ගලයෙන් අනෙකාට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහු ඊයේ (26) රාත්‍රියේ බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි 42 හැවිරිදි අයෙක්. මියගිය පුද්ගලයා හා තවත් අයෙක් එක්ව මත්පැන් පානය කරමින් සිටියදී මෙම ආරවුල හටගෙන ඇති බවත් ඉන්පසු මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.