27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

යතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) සවස පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 08 කණුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරු නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන අයෙක් බවයි පොලීසිය පවසන්නේ.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් නවත්වා පරීක්ෂා කර ඇති අතර යතුරුපැදිය ධාවනය කරමින් සිටි අය සතුව තිබූ බෑගයක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 153 ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබේ.

සැකකරු සහ කේරළ ගංජා තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.