29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසන්ත කරන්නාගොඩට ඇමරිකාවෙන් තහනමක්

වසන්ත කරන්නාගොඩට ඇමරිකාවෙන් තහනමක්

හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම වයඹ පළාතේ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාට ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් කරන්නාගොඩ අසාදු ලේඛනගත කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩට එම තහනම පනවා ඇති බවයි.

යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩට හා බිරිඳට එම තහනම පැනවීමට තීරණය කර ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.