27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට නිෂ්පාදිත විශේෂ රථ ජනපතිගේ...

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට නිෂ්පාදිත විශේෂ රථ ජනපතිගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු, ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ 03ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

වෙරළ හා කළපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම රථ (Combat All Terrain Vehicle) ඉදිරියේදී කොළඹ සහ මන්නාරම ප්‍රදේශයන්හි වෙරළ තීර ආශ්‍රිතව සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා යොදා ගැනීමට නියමිතය.
දැනට ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ ඇති මෙම රථවල ක්‍රියාකාරීත්වය ද මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, මැරීන් බලකායේ අධ්‍යක්‍ෂ කොමදෝරු සනත් පිටිගල යන මහත්වරු ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති නලීන් ජේ වෙල්ගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.