26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිමිනමකට හදි කළ කාන්තාවන් 07ක් අත්අඩංගුවට

හිමිනමකට හදි කළ කාන්තාවන් 07ක් අත්අඩංගුවට

කාන්තාවන් 7 දෙනෙකු විසින් ස්වාමීන්වහන්සේ නමක් වැඩ සිටි ආවාස ගෙට පැන උන්වහන්සේ අපහරණය කළ පුවතක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමක් මෙලෙස කාන්තාවන් 7දෙනෙකු විසින් බරපතල ලෙස ලිංගික අපහරණයට ලක්කර ඇති බවටයි වාර්තා වන්නේ.

උන්වහන්සේ ආවාසගෙයි වැඩ සිටි අවස්ථාවේ පිටත සිටි කාන්තාවක් හිමි නමට ආමන්ත්‍රණය කර ඇති අතර ඒ කවුරුන්ද යන්න සොයා බැලීමට ආවාසගෙයින් පිටතට පැමිණි පසුවයි මෙය සිදුවී ඇත්තේ.

සැකකාර කාන්තාවන් 7දෙනා ස්වාමීන් වහන්සේට විහාරස්ථානයෙන් ඉවත් වන ලෙසට දන්වා පසුව උන් වහන්සේගේ සිවුරු, අඳන ඉවත් කරන ලෙස බල කර ශාරීරිකව මහත් පීඩා සිදු කළ බව සිදුවීමට මුහුණ දුන් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවූ ශාරීරික හා සහ මානසික පීඩනය හේතුවෙන් උන්වහන්සේ පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වනවා. සිද්ධියට සම්බන්ධ කාන්තාවන් 7 දෙනා නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.