25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF යෝජනාවට අපේ ඡන්දය නෑ - ජී. එල්. පීරිස්

IMF යෝජනාවට අපේ ඡන්දය නෑ – ජී. එල්. පීරිස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එම සභාවේ මන්ත්‍රී ජී. එල්. පීරිස් අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව සම්බන්ධ විවාදයේදීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය අදහාගත නොහැකි දෙයක්. අරමුදල මේ ඩොලර් අපිට ලබා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා. එහෙම නැතුව එක එක්කෙනාගෙ අවශ්‍යතා වලට නොවෙයි. සාක්කු දාගන්න නොවෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඒ පිළිබඳව වගකීමක් ඒ අයට බාර වෙනවා. ඒක ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.