27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධිකරණ සේප්පුවේ තිබූ ලක්ෂ 22ක් අතුරුදන්

අධිකරණ සේප්පුවේ තිබූ ලක්ෂ 22ක් අතුරුදන්

මාරවිල දිසා අධිකරණයේ සේප්පුවේ තිබී රුපියල් ලක්ෂ 22 කට වැඩි මුදලක් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයේම සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරිණීයකව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (27) වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ සේප්පුවේ තැම්පත් කර තිබූ රුපියල් 22,07,000 ක මුදලක් අස්ථාන ගත වී ඇති බව මාරවිල අධිකරණයේ රෙජිස්ටාර්වරිය ලෙස සේවය කරන ශාරිකා මානෙල් වික්‍රමනායක යන අය පසුගිය මාර්තු මස 20 වෙනි දින මාරවිල පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබෙනව බවයි වාර්තා වන්නේ.

මෙම සේප්පුව බාරව අධිකරණයේ සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාර්ණියක රාජකාරි සදහා යොදවා සිටි බවද රෙජිස්ටාර්වරිය විසින් පොලීසිය හමුවේ සිදු කර ඇති පැමිණිල්ලේ සදහන් වී තිබෙනවා.

එම පැමිණිල්ල අනුව මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශය විසින් විමර්ශණයක් ආරම්භ කරන ලද අතර එම විමර්ශණයේදී අධිකරණයේ සේවය කරන කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමටද පොලීසිය කටයුතු කර තිබු බව සදහන්. සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව අධිකරණයේ සේප්පුව බාරව සිටි ලිපිකරුවෙකු සහ ලිපිකාරීණියකව අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.