28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් රෝහල තුළදීම ඝාතනය කරයි

අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් රෝහල තුළදීම ඝාතනය කරයි

තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

පෞද්ගලික ආරවුල් හේතුවෙන් පහරකෑමට ලක්ව ඔහු රෝහල් ගතව සිටි දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඊයෙ පස්වරුවේ නාදුනන පුද්ගලයන් කිහිප දෙනකුගේ පහර දීමකින් ප්‍රතිකාර සඳහා මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

අද උදෑසන එම රෝහලේ වාට්ටුවට ඇතුළු වුන පුද්ගලයෙකු විසින් මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.