― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආවාස ගේ තුළ තිබූ ලක්ෂ 23ක් සොරකම් කරලා

ආවාස ගේ තුළ තිබූ ලක්ෂ 23ක් සොරකම් කරලා

සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන්ට නිවාස සෑදීමට නායක ස්වාමීන් වහන්සේ විසින් දායකයන්ගෙන් සම්මාදන් කර තිබූ රුපියල් ලක්ෂ 23 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පයාගල පොලිසිය පවසනවා.

පයාගල ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක නායක හිමි නමක් ඊයේ (27) කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බවයි පොලිසිය පවසන්නේ.

මෙම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිරියේ දී යෙදෙන පිරිවෙන් දිනයට සමගාමීව උන්වහන්සේ යටතේ මහණදම් පුරන නිවාස නොමැති සාමණේර භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන් හතර දෙනෙකු සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උන්වහන්සේ සම්මාදන් කර තිබූ මුදල් මෙසේ සොරකම් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (26) රාත්‍රි විහාරාධිපති හිමියන් දේවාලයේ ආගමික වතාවත් සිදුකරන අතරතුර සොරකම සිදුව ඇති බවද දේවාලයේ ආගමික වතාවත් සිදුකරන අතරතුර ආවාසගෙයි යතුර බංකුවක් මත තිබී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.