27 C
Colombo
Wednesday, April 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආහාර විෂ වීමෙන් ළමුන් 27ක් රෝහලට

ආහාර විෂ වීමෙන් ළමුන් 27ක් රෝහලට

නුවරඑළිය, නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 05 ශ්‍රේණියෙන් පහළ පාසල් ළමුන් 27 දෙනෙකු ආහාර විෂ වීම හේතුවෙන් අද (28) මධ්‍යහන 12ට පමණ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න පැවසීය.

කෙසේනමුත් ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ආහාර විෂ වීම හේතුවෙන් වමනය හා ක්ලාන්තය තත්ත්වය ඇතිවීමෙන් ළමුන් රෝහල්ගත කර ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

එම දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කරන බවයි ඔහු පැවසුවේ.

නුවරඑළිය, නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන්ට සෑම දිනකම දිවා ආහාරය පාසලෙන් සැපයීමට කටයුතු කරන අතර අද දින දිවා ආහාර ලබා දීමෙන් අනතුරුව සිහිසුන්ව ඇද වැටීමෙන් හා වමනය යෑම හේතුවෙන් මෙලෙස පාසල් ළමුන් 29 දෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි පාසලේ විදුහල්පති එස්. සීතා සඳහන් කළේ.