― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋණුසුමෙන් බැටකන ලංකාවට මැයි මාසයේ ගංවතුර අවදානමක්

උණුසුමෙන් බැටකන ලංකාවට මැයි මාසයේ ගංවතුර අවදානමක්

මැයි මාසයේදී කැලණි ගං ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් ඊට කල් ඇතිවම සූදානම් වන ලෙසත් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ආපදා කළමනාකරණ අංශ නිලධාරීන්ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි ඊයේ (27) දැනුම් දී තිබේ.

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මෙලෙස ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඔහු පවසන්නේ.

ඊයේ පෙරවරුවේදී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදීයි දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවැසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ආපදා කළමනාකරණ අංශ සූදානමින් සිටිය යුතු බවයි. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඉදිරි මෝසම් වැසි සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් මැයි මස 04 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිත බවත් ගංවතුර වැනි හදිසි ආපදා තත්ත්වයන්වලදී කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණ අංශ සූදානමින් සිටින බවත්ය.

එමෙන්ම ගංවතුර අවස්ථාවන්හිදී ආපදාවලට ලක්වන පුද්ගලයන් බේරාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු යුද හමුදා කඳවුරුවලට බෙදා දී තිබෙන බවද සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.