― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාන්තා පොලිස් කොස්තාපල් පුරප්පාඩු 2,419ක්

කාන්තා පොලිස් කොස්තාපල් පුරප්පාඩු 2,419ක්

කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 2,419ක් පුරප්පාඩු වී ඇති බව අනාවරණය වී තිබේ.

2023 වසරේදී මෙම පුරප්පාඩු පිරවීමට අදහස් කළද පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

2019, 2020 සහ 2021 වසර සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ කාර්ය සාධන වාර්තාව විමර්ශනය කිරීම සඳහා පසුගියදා පොලිස් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA කමිටුව) හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

පොලිසියේ පැරණි තත්ත්වය වෙනස් කර ඉදිරියේදී පොලිස්පති ඇතුළු ඉහළ තනතුරු සඳහා කාන්තාවන්ට අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට සැලසුමක් ආරම්භ කර ඇතැයි පොලිස්පතිවරයා පැවසීය.

මේ අනුව ඉදිරියේදී කාන්තා පොලිස්පතිවරියකට පෙනී සිටීමට අවස්ථාවක් ලබාදෙන බවද ඔහු පෙන්වා දුන්නේය.