27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් නව බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරටට

චීනයෙන් නව බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරටට

දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong පැවසීය.

ඊයේ (27) පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී තානාපතිවරයා කියා සිටියේ චීන ආයෝජනයක් ලෙස මෙම පිරිපහදු මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කරන බවත් දැනට මෙරට පවතින බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද ඉතා පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට අපේක්ෂා කරන බවත්ය.

මෙම නව පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.

චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් කඩිනමින් මෙරට තුළ තුළ විවෘත කිරීමට සැළසුම් කර ඇති බව සදහන් කළ චීන තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ත් 140ත් අතර මුදලක් චීනය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති බවයි.