27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩෙල්ෆ් දූපතේ මරණ ගණන පහ හය වෙයි

ඩෙල්ෆ් දූපතේ මරණ ගණන පහ හය වෙයි

පසුගිය 22 වැනිදා යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ නිවසක් තුළදී සිදුවූ තියුණු ආයුධ පහරදීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිට වයෝවෘද්ධ කාන්තාවද ඊයේ (27) මිය ගොස් තිබේ.

වයස අවුරු 100 ක් වයසැති පූරණම් නැමති මෙම වයෝවෘද්ධ කාන්තාව බරපතල තුවාල සහිතව ඩෙල්ෆ් රෝහලට ඇතුලත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පසුගිය 22 වැනිදා නිවසකට ඇතුල් වූ අයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දෙදෙනකු මිය ගොස් සිටියදී ඩෙල්ෆ් පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

එමමළ සිරුරු අතර අවුරුදු 100 ක් වයසැති කාන්තාවක්ද බරපතල කැපුම් තුවාල සහිතව සිහිසුන්ව ඇද වැටී සිටියදී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

කේසේවෙතත් මෙම ඝාතකයා රන් ආභරණ කොල්ලකෑමට පැමිණ ඇති බවත් නිවැසියන් ඔහුව හඳුනාගැනීම හේතුවෙන් ඝාතකයා විසින් මෙම නිවැසියන් ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේනමුත් ඝාතකයා යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.