― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදේශීය ආදායම් පනතට සංශෝධන කිහිපයක්

දේශීය ආදායම් පනතට සංශෝධන කිහිපයක්

බදු වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතට සුවිශේෂි සංශෝධන කිහිපයක් ලබන අද (28) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

බදු ගෙවීමේ ක්‍රියාවලියට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් හඳුන්වාදීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීමට ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සඳහා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් බදු වාර්තා ගොනු කිරීම අනිවාර්ය කිරීමේ නීතියක් මෙමගින් හඳුන්වා දීමට නියමිතයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරියේ දී මාර්ගගත ක්‍රමයට පිවිසීමේ දී මෙම ක්‍රමය බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

රඳවා ගැනීමේ බද්දට යටත් නොවන රුපියල් ලක්ෂයට අඩු පොලී ආදායමක් සහිත පුද්ගලයන්ගේ රඳවා ගන්නා මුදල් නැවත කඩිනමින් ඔවුන් වෙත මුදා හැරීමට නොහැකි වීම හේතුවෙන් විශාල ගැටලුවක් නිර්මාණය වෙලා තිබුණ. නව සංශෝධන යටතේ ඉතා කෙටි කාලයකින් රඳවා ගැනීමේ බද්දට යටත් නොවන පුද්ගලයන්ට එම මුදල් ගෙවීමට හැකියාව ලැබෙනවා.

මුදල් වශයෙන් කරනු ලබන ගනුදෙනු වඩාත් අධෛර්මත් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා පහසුකම් නව සංශෝධනය මගින් සැලසෙනවා. අපට අවශ්‍ය වෙලා තියෙනවා ඉලෙක්ට්‍රොනික විදියට කරන ගනුදෙනු මගින් සැබෑ බදු ආදයම ගණනය කිරීමට. යම් අයෙක් දෛනිකව රුපියල් ලක්ෂ 5කට වැඩි මිල දී ගැනීම් කරනවා නම් ලක්ෂ 5ට වැඩි ප්‍රමාණය ඔවුන්ට වියදමෙන් අඩු කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවසර ලබා දෙන්නෙ නෑ. ඒ නිසා ඔවුන් අනිවාර්යයෙන් ම ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා.

මූල්‍ය ගනුදෙනු සිදුවන රාජ්‍ය ආයතනවල ගනුදෙනු ලිඛිතව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත දැන්වීම මෙතෙක් අනිවාර්ය වුණේ නැහැ. නමුත් මේ නව සංශෝධනත් සමග බැංකු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී මූල්‍ය ගනුදෙනු බහුලව සිදු වන ආයතනවල කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දීම අනිවාර්ය වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.