― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස්පති තනතුරට කාන්තාවක් පත් වීම මගේ එකම අරමුණයි

පොලිස්පති තනතුරට කාන්තාවක් පත් වීම මගේ එකම අරමුණයි

තමාගේ සිහිනය වන්නේ අනාගතයේ පොලිස්පති තනතුර සඳහා කාන්තාවක් පත් වීම බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පැවසීය.

පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේ ඊයේ (27) කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් පොලිස්පතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ හැර අන්‍ය ජාතීන්ගේ නියෝජනයක්ද එම තනතුරට පත්වනු දැකීමද තමන්ගේ අපේක්ෂාවක් බවයි.

මෙතෙක් පොලීසිය පුරුෂාධිපත්‍ය සහිත ආයතනයක් පවත්වාගෙන ගියත් දැන් එම ක්‍රමවේදය වෙනස් විය යුතු අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම කාන්තා පොලිස්පතිවරියක් යටතේ වැඩ කිරීමට සූදානම් විය යුතු බවයි ඔහු විසින් එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

මේ සියල්ලට එරෙහිව තමන්ට ඇති එකම බාධකය වන්නේ, පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරිනියන්ගේ හිඟය බවයි පොලිස්පතිවරයා පවසා සිටියේ.