― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමම එදත් අදත් හෙටත් රාජපක්ෂවරු වෙනුවෙන් පෙනී සිටිනවා

මම එදත් අදත් හෙටත් රාජපක්ෂවරු වෙනුවෙන් පෙනී සිටිනවා

තමා රාජපක්‍ෂවරු වෙනුවෙන් එදත් පෙනී සිටි බවත් එමෙන්ම අදත්, හෙටත් රාජපක්ෂවරු වෙනුවෙන් තමා පෙනී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවට නුසුදුසු, නොගැළපෙන වචනයක් ප්‍රකාශ කළේ නම් එය ඉල්ලා අස්කර ගන්නා බවයි.

එමෙන් ම කිසිදු අවස්ථාවක තමන් එක් ජන කොටසක් වෙනුවෙන් පෙනී සිට කටයුතු කර නොමැති බවත් සියලු ජාතීන් වෙනුවෙන් එක හා සමානව කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මෙම මන්ත්‍රීවරයා හිතාගෙන ඉන්නේ දෙමළ ජනතාවගේ සුර දූතයෙක් කියලා. මෙතුමා 2015 වසරේදී තරග කළේ රාජපක්‍ෂ කඳවුර යටතේ. එම ජනප්‍රියභාවය භාවිත කරමින් කටයුතු කළා. හදිසියේ ම මෙතුමා රාජපක්‍ෂ විරෝධී වී දේශපාලනයේ නිරත වන්නට පටන් ගත්තා. මම කිසිම අවස්ථාවක මුස්ලිම් ජනතාවට විශේෂත්වයක් සිදුකර නැහැ. ඒ වගේ ම සියලු ජනතාවට එක හා සමානව කටයුතු කර තිබෙනවා. මම ඒ ආකාරයෙන් කටයුතු කර නැහැ. මම ඔබගේ ජනතාව වෙනුවෙන් කර ඇති සේවය අතිවිශාලයි. මම අධිකරණ ඇමතිවරයා ලෙස පත් වුණාට පසුව දෙමළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. රැඳවුම් භාරයේ සිටි දෙමළ ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගත්තා. ඒ අය මොන තරම් පිරිසක් අපි නිදහස් කළා ද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට මැදිහත් වුණේ මම. මේ සම්බන්ධයෙන් මම එවකට ජනාධිපතිවරයා සමග ත් යම් යම් සාකච්ඡාවන් සිදු කළා. නමුත් අපි සිදු කළ දේවල් කෑ ගහල ලෝකයට කියන්නේ නැහැ. මම රාජපක්‍ෂවරුන් වෙනුවෙන් එදත් පෙනී සිටියා. අදත් පෙනී සිටිනවා. හෙටත් පෙනී සිටිනවා. පසුගිය වසර දෙකේ ඔවුන් අසාර්ථක වූ නිසා ජනතාව යම් යම් තීන්දු ගන්නට ඇති. නමුත් මම තවමත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මම පාර්ලිමේන්තුවට නොගැළපෙන වචනයක් ප්‍රකාශ කළේ නැහැ.