26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්

රජයේ සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දයට ඉදිරිපත්ව සිටින ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබාදෙන චක්‍රලේඛය ලබන සතියේ නිකුත්කර බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (28) අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙන් බව සඳහන් කළා.

මීට අමතරව රාජ්‍ය ආයතනවලට දුරබැහැර ප්‍රදේශවලින් එන සේවකයින්ට ඒ ස්ථානවලම නැවතත් රාජකාරී කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

මැතිවරණය කල් දැමුව ද අවලංගු කර නොමැති තත්ත්වය යටතේ, මැතිවරණ නීතිය කඩ නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවතයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.