රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
අයුක්තියට විරුද්ධව ජනතාව මේ අවස්ථාවේදි අවංකව නැගී සිටිය යුතු බවත් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කළ හැකි ඕනෑම රජයකට ඉදිරියේදී තම සහාය ලබාදෙන බව ද පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ බව අවධාරණය කළේය .