27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 492ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිළීතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 704ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි අයර්ලන්ත පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකියේ ලකුණු 202ක් පමණි. ඒ අනුව ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය 2ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.