30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙමි බස් නතර කළොත් දුර ගමන් සේවාවලින් ඉවත් වෙනවා

සෙමි බස් නතර කළොත් දුර ගමන් සේවාවලින් ඉවත් වෙනවා

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අවලංගු කර, එම බස්රථ සාමාන්‍ය සේවා බවට පත් කළහොත් රාත්‍රී දුරගමන් සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

මේ නිසා අර්ධ සුඛෝපභෝගී බස්රථවලට ලැබෙන ආදායම් සීමා සහිත බවත් එවන් තත්ත්වයක් තුළ අර්ධ සුඛෝපභෝගී සේවාව ඉවත් කළහොත් දුරගමන් සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වන අතර දහවල් කාලයේදී බස් රථවලට ලැබෙන ආදායම් රාත්‍රී කාලයේදී නොලැබෙන බවත් එහි සභාපතිවරයා සඳහන් කළේය.

අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අවංලගු කිරීමට ප්‍රවාහන බලධාරීන් සැලසුම් කර තිබෙන බවත් අර්ධ සුඛෝපභෝගි බස් සේවා ක්‍රියාත්මක වන්නේ දුරගමන් සේවාවක් ලෙස බැවින් සෑම බස් නැවතුම්පොළකින්ම මගී බස්රථයට නංවා ගැනීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

මේ නිසා අර්ධ සුඛෝපභෝගි සේවාව අහෝසි කර විශේෂිත දුරගමන් සේවා ලෙස නම් කර ගාස්තුව මෙන් 1.3ක් අයකර ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි ඔහු පැවසුවේ.