29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවුරුදු 5ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පහළට

අවුරුදු 5ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පහළට

අවුරුදු 5ට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක්වූ රටවල දෙවන ස්ථානයට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

2022 වසරට අදාළව මහ බැංකුව නිතුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති බවයි එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ.

පාසැල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් අඩාල වී ඇති බවට පාර්ලිමේන්තුවේ දී ද අනාවරණය වී ඇතිබව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.