29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවට ඉදිරියේදීත් සහාය ලබාදෙනවා - චීන තානාපති

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවට ඉදිරියේදීත් සහාය ලබාදෙනවා – චීන තානාපති

ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් සිටින ශ්‍රී ලංකාවට ඉදිරියේදීත් චීනයේ සහාය අඛණ්ඩව හිමිවන බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලයේ ඊයේ (28) පැවති වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්වුණා. ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද සටනේ චීනය විසින් ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වී ඊට අවශ්‍ය සහාය යුද බිමේදී ලබාදෙනු ලැබුවා.”

“එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා අභිමානය සුරැකීමට චීනය ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා. යුද්ධයෙන් පසුව සිදුකරන ලද සංවර්ධනය වෙනුවෙන් චීනය විශාල ලෙස ආධාර ලබාදීමක් සිදුකරනු ලැබුවා.”

“මෙරට ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් සංවර්ධනය උදෙසා වන අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන්තොටුපොළ මෙන් යටිතල පහසුකම් සංවර්ධනයට ද චීනය සහාය ලබාදෙනු ලැබුවා.”