29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගතවූ දින 10 තුළ ටියුනීසියානු මුහුදෙන් මළසිරුරු 200ක් සොයාගැනේ

ගතවූ දින 10 තුළ ටියුනීසියානු මුහුදෙන් මළසිරුරු 200ක් සොයාගැනේ

නීතිවිරෝධී ලෙස අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කිරීමේ දි මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පයනවා.

ගතවූ දින 10ක කාලය තුළ පමණක් ටියුනිසියාව ආසන්න මුහුදු තීරයේ දි දියේ ගිලි මියගිය පුද්ගලයින් 200 කට ආසන්න පිරිසකගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ටියුනීසියානු මෘත ශරීරාගාර වල ඉඩකඩ ඇහිරෙමින් පවතින බවත් නීතිවිරෝධී සංක්‍රමණ නවතා දැමීමට ආරක්ෂක අංශ උපරිම උත්සහයක නිරතවන බව ටියුනීසියානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කරනවා.

ටියුනීසියානු වෙරළ තිරයේ කොටසක් ඉතාලි දූපතක් වන ලැමිපෙඩුසා සිට කිලෝමීටර 150 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.

ගැටුම් සහ දරිද්‍රනාව හේතුවෙන් අප්‍රිකාවේ සහ මැදපෙරදිග රටවල සිට යුරෝපා රටවලට පලායන සංක්‍රමණිකයන් නාරක්ෂිත ලෙස යාත්‍රාවලින් මේ හරහා ගමන් කරමින් සිටින බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ