― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජල කාන්දුව සිදුවුණේ නලයේ ඇණ ගලවපු නිසා - ජල සම්පාදන මණ්ඩලය

ජල කාන්දුව සිදුවුණේ නලයේ ඇණ ගලවපු නිසා – ජල සම්පාදන මණ්ඩලය

ඊයේ (28) දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වී තිබෙනවා.ඒ, අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට දී ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන්.

පොල්දූව පාලම යට පිහිටි ජල නල සම්බන්ධ කරන ඇණ විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම මත මෙම කාන්දුව සිදුව තිබුණ බවයි වාර්තා වන්නේ.

එම ජල නල එකිනෙක සම්බන්ධ කර ඇති විශාල ඇණ 48කින් 33ක් මෙසේ ගලවාගෙන ගොස් තිබූ බවයි ජලසම්පාදන මණ්ඩලය නිලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඇණ පමණක් ගැලවීම මත මෙම විශාල ජල නලය කැඩී බිමට වැටීමට ඉඩ තිබූ බවත් එසේ වූයේ නම් පොල්දූව පාලම ද කැඩි යාමේ අවදානමකට ලක්වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ජලය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර ජලනලයට හානි කිරිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.