28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ. 

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ , හම්බන්තොට , ගාල්ල , මාතර එම දිස්ත්‍රික්ක බවයි. 

යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාස ද ඩෙංගු අධි අවදානම් කලාපවලට ඇතුළත් ය. 

මේ අතර, බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශ අවධාරණය කරමින් පසුගිය 26 වැනිදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළේ ය. එය ලබන 02 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. 

මෙම වැඩසටහනට සමගාමීව අද සිට බස්නාහිර පළාතේ නිවාස පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට නියමිතයි. 

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති අතර වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000 ඉක්මවයි. 

වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 49% කි.