27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපානදුර වෙරළේ රැල්ල පාගන්න ආ අඩි 7ක් දිග කිඹුළා

පානදුර වෙරළේ රැල්ල පාගන්න ආ අඩි 7ක් දිග කිඹුළා

ඊයේ (28) පස්වරුවේ, පානදුර මුහුදු වෙරළට අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් පැමිණ ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය සඳහන් කළේ ය.

සවස 5.30 ට පමණ කිඹුළෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට පමණ පැමිණ සිටීන බව දැක ධීවරයෙක් විසින් වෙරළ ආරක්ෂක නිළධාරීන්ව දැනුවත් කර ඇත.

ඉන් අනතුරුව, වෙරළ ආරක්ෂක නිළධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10 – 20 ත් අතර දුරකින් ආසන්න මුහුදේ රාත්‍රිය වන තුර සැරිසරා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර තිබෙනවා.

කෙසේවෙතත්, අද ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන අතර කිඹුලා මුහුදු වෙරළෙන් ඉවත් කරන තුරු මුහුදේ දියනෑමේ දී සහ සිරි නැරඹීමට පැමිණිමේ දී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.