24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුලතිව්හි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මුලතිව්හි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මුලතිව් සිලාවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 

පසුගිය 28 වැනිදා අලුයම් කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 65 හැවිදිරි පුද්ගලයෙකි. 

ඔහු සිය නිවසේ තම බිරිඳ හා ඥාති පුද්ගලයෙකු ද සමග පදිංචිව සිට ඇති අතර ඔවුන් නිදා සිටියදී, අලුයම් කාලයේ පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට ඇතුළු වී නිවැසියන්ට පහර දී, නිවසේ තිබූ පවුම් 12 ක පමණ රන් භාණ්ඩ හා රුපියල් 50,000/- ක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.  

පොලිසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් කළ පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.