29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලුණුගම්වෙහෙරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලුණුගම්වෙහෙරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලුණුගම්වෙහෙර, කුඩා ගම්මාන 01 , ස්පීල්යාය ප්‍රදේශයේ නිවසක් තුළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (28) රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 37 හැවිදිරි පුද්ගලයෙකි.ඔහු ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙර රෝහලට රැගෙන යන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවස තුළ විදුලි ආලෝකය නොමැති වීම නිසා විදුලි පන්දමක් දල්වා නිවසේ කාමරය තුළ සිටියදි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

නිවසින් පිට සිටි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

මළ සිරුරු මේ වනවිට ලුණුගම්වෙහෙර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.