27.2 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි මිලට බිත්තර විකුණූ වෙළෙඳසැල් 29කට දඩ

වැඩි මිලට බිත්තර විකුණූ වෙළෙඳසැල් 29කට දඩ

වැඩි මිලට බිත්තර අලෙවි කිරීම කළ වෙළෙඳසැල් 29කින් රුපියල් ලක්ෂ 41ක් දඩ ලෙස අය කර ගැනීමට අධිකරණ නියෝග කර තිබේ.  

ඒ , වත්තල , අත්තනගල්ල , මීගමුව , මිනුවන්ගොඩ , ගම්පහ සහ මහර අධිකරණ විසින් ය. 

වැඩි මිලට බිත්තර අළෙවි කළ වෙළෙඳසැල් 2කට රුපියල් ලක්ෂ 2ක දඩයක්  වලස්මුල්ල අධිකරණය විසින් නියම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. 

මාතර , දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය තවත් වෙළෙඳසැලකට රුපියල් ලක්ෂයක දඩයක් සහ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නඩු 6 කට අදාළව රුපියල් ලක්ෂ 6 ක දඩ නියම කර තිබේ. 

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. 

ඒ අනුව සුදු බිත්තරයක් අළෙවි කල හැකි මිල රුපියල් 44 කි. 

රතු බිත්තරයක් රුපියල් 46 කට අළෙවි කළ යුතු ය. 

මෙම පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳසැල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ය.