29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිද්‍යාපීඨ සිසුන්ට සුබ ආරංචියක්

විද්‍යාපීඨ සිසුන්ට සුබ ආරංචියක්

මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා අලුත් සිසුන් කණ්ඩායම් බඳවාගෙන අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ ය.

ඒ ඊයේ (28) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ සිසුන්ට අමාත්‍යාංශය පිරිනමන රු. 5000 දීමනාව සහ රැකියාව ලැබුණු පසු ගෙවීමේ පදනම මත බැංකු හරහා දෙන රු. 15,000ක ණය මුදල ද පිරිනමන බව‍ය.

මේ අතර, ගුරු අධ්‍යාපනඥ සේවය තුළ සිටින්නේ 40%ක් බවත්, ඒ සඳහා අවශ්‍ය පිරිස් බඳවාගැනීමද ඉක්මනින් සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.