29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ආරක්ෂක අංශවලට උපදෙස්

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ආරක්ෂක අංශවලට උපදෙස්

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ත්‍රිරෝද රථ හිමියන්ගේ විවිධ අකටයුතුකම් නිසා පීඩාවට පත්වන බවටත් යම් පිරිසක් ඔවුන්ගේ දේපොළ සොරකම් කරන බවටත් සංචාරක හෝටල් හිමියන් පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව සාගල රත්නායක මහතා මෙම උපදෙස් දී තිබේ.

ඉකුත් සතියේ මහා පරිමාණ සංචාරක හෝටල් හිමියන් සේම කුඩා හෝටල් හිමියන් ද ඇතුළුව පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මුණ ගැසී මේ කරුණු පැමිණිලි කර තිබිණි.

එහිදී හෝටල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මේ වන විට රටෙි ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැතත් විමසිල්ලෙන් සිටීම සුදුසු බව සාගල රත්නායක මහතා පෙන්වා දී තිබේ.